0මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වය තවදුරටත් උග්‍ර කරමින්, ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගිවිසුමේ අවසන් අදියර සඳහා ඊශ්‍රායල හමුදා ලෙබනනයෙන් සම්පූර්ණයෙන් ඉවත් විය යුතු බවට ඉරානය දැඩි ලෙස අවධාරණය කර සිටී.
පවතින ගැටුම්කාරී තත්ත්වය සහ දෙරට අතර ඇතිවූ මූලික එකඟතා (MoU) අර්බුදයකට ලක්ව ඇති මොහොතක, ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බඝායි (Esmaeil Baghaei) ඉරිදා දිනයේදී මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
ඉරානයේ ප්‍රධාන කොන්දේසි:
- සම්පූර්ණ ඉවත් වීම: කලාපීය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ලෙබනනයේ අත්පත් කරගෙන ඇති සියලුම ප්‍රදේශවලින් ඊශ්‍රායල හමුදා ඉවත් විය යුතුය
- 2 ගිවිසුමේ පළමු වගන්තිය: මීට පෙර අත්සන් කරන ලද ගිවිසුමේ පළමු වගන්තියට අනුව, ලෙබනනය තුළ සිදු කරන සියලුම හමුදා මෙහෙයුම් සහ යුද්ධය වහාම සහ ස්ථිරවම නතර කළ යුතු බව ඉරානය පවසයි.)
පවතින ගැටුම සහ ඊශ්‍රායල ස්ථාවරය:
මේ වන විටත් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර ඇමරිකාවේ මැදිහත්වීමෙන් යම් රාමුගත එකඟතාවයකට පැමිණ තිබුණද, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානය නිරායුධ කරන තෙක් සහ උතුරු ඊශ්‍රායලයට එල්ල වන තර්ජන පහව යන තෙක් සිය හමුදා ලෙබනනයේ රැඳී සිටිනු ඇති බවයි.
අනෙක් පසින්, ලෙබනන හමුදාව (LAF) දකුණු ලෙබනනයේ පාලනය සියතට ගැනීමට උත්සාහ දැරුවද, හිස්බුල්ලා සටන්කාමීන් නිරායුධ කිරීමට ඔවුන් අපොහොසත් වී තිබේ. මෙම ව්‍යාකූල තත්ත්වය හමුවේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික ගැටුම කලාපීය සාමයට විශාල අභියෝගයක් වී තිබේ.
ලෙබනනයේ වත්මන් තත්ත්වය සහ මැදපෙරදිග අර්බුදයේ නවතම තොරතුරු දැනගැනීමට News Sri Lanka සමඟ රැඳී සිටින්න.

